Friday, April 26, 2024

General line - 0115112241

රාවණා රජු සතු ගුවන් ශක්තිය ගැන ඉන්දියාවෙන් මතයක්




ඉන්දියාවේ පැවති ප‍්‍රමුඛ පෙලේ විද්‍යා සමුළුවකදී ශ‍්‍රී ලංකාවේ රාවණා රජු සතුව පැවති ගුවන් ශක්තිය පිළිබඳ සාකච්ඡා වී තිබෙනවා. මෙම විද්‍යා සමුළුව පවත්වා ඇත්තේ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප‍්‍රධානත්වයෙන්.

රාවණා රජුට ගුවන් යානා වර්ග 24ක් තිබී ඇතැයි අන්ද්‍රා විශ්ව විද්‍යාලයේ උපකුලපති ජී නාගේෂ්වර් රා ඕ එහිදී ප‍්‍රකාශ කර තිබෙනවා. මෙම ගුවන් යානා ගොඩ බැස්වීමට ගුවන් පථ ජාලයක් ද තිබී ඇති බවයි ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙන්නේ. 

කෙසේවෙතත් මෙම අදහස් සම්බන්ධයෙන් තමන් එකග නොවන බව ඉන්දීය විද්‍යාත්මක කොංග‍්‍රසය පවසනවා. ඉපැරණි ලියවිලි කියවා විනෝද වීමට මිස විද්‍යාත්මක පදනමකින් විග‍්‍රහ නොකළ යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.