Saturday, April 27, 2024

General line - 0115112241

ලෝක ටෙනිස් ශුර ඇන්ඩි මරේ සිය සමුගැනීම නිවේදනය කරයි

දිනුක් හේවාවිතාරණ




තුන් වතාවක් ලෝක ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශුරතාවය ජයග්‍රහණය කල බ්‍රිතාන්‍යයේ ටෙනිස් ක්‍රීඩක ඇන්ඩි මරේ මේ වසරේ පැවැත්වෙන විම්බල්ඩන් ටෙනිස් තරගාවලියෙන් පසු සිය ක්‍රීඩා දිවියට සමුදීමට තීරණය කර ඇති බව ඊයේ (11) නිවේදනය කරනු ලැබුවා. කෙසේ වුවත් දැනට ආබාධයකට ලක්ව සුව වෙමින් සිටින ඔහු කියා සිටියේ ලබන සතියේ ඇරඹෙන ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය ඇතැම් විට ඔහු ක්‍රීඩා කරනු ලබන අවසන් තරගාවලිය විය හැකි බවයි.

ඉකුත් වසරේ ජනවාරි මාසයේදී ඇන්ඩි මරේ හට උකුල් ප්‍රදේශයේ හටගත් ආබාධයක් හේතුවෙන් ශල්‍යකර්මයකට භාජනය වීමට සිදුවිය. ශල්‍යකර්මයෙන් පසුව නැවතත් ජුනි මාසයේදී තරග බිමට පිවිසි ඔහු ටෙනිස් තරග 14 කට ක්‍රීඩා කරනු ලැබුවා. 

"මට අවශ්‍යයි විම්බල්ඩන් තරගාවලිය දක්වා රැඳී සිටින්න. ඒ වාගේම ලබන සතියේ ඇරඹෙන ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පළමු වටයේ තරග සඳහා ක්‍රීඩා කරන්න. නමුත් මම දැනට පිඩා විදින වේදනාව සමග තවත් මාස 5-6ක් ඉදිරියට ක්‍රීඩා කිරීමට හැකි වේදැයි විශ්වාස නැහැ" යැයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉතා හැඟුම්බරව ඇන්ඩි මුරේ ඊයේ ප්‍රකාශ කර සිටියා.

දකුණු උකුල් ඇටය ආශ්‍රිතව සිදුකරන ලද ශල්‍යකර්මයෙන් පසු පුනුරුත්ථාපනය වීමේ ක්‍රියාවලියකට යොමු වූ ඇන්ඩි මුරේ තවමත් සිය ආබාධයෙන් පුර්ණ සුව අතට හැරී නොමැති බවයි ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අනාවරණය වුයේ.

" මිට මාස 06 කට පෙර සිටියාට වඩා හොද තැනක මම දැන් සිටිනවා. නමුත් මම දැඩි වේදනාවකින් පෙළෙනවා. මට යම් තාක් දුරට ක්‍රීඩා කල හැකියි, නමුත් මා පෙර ක්‍රීඩා කල ආකාරයට නොවේ යනුවෙන්" ඇන්ඩි මුරේ ප්‍රකාශ කර සිටියා.