Friday, April 26, 2024

General line - 0115112241

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අගමැති රනිල්ට ගම්මන්පිල ගෙන් අභියෝගයක්

පසන් වික්‍රමතිලක / මහේෂ් චතුරංග




යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් ආන්දෝලනාත්මක කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අදත් (14) අදහස් පළ වුණා. පිවිතුරු හෙළ උරුමය අද කැඳවූ මාධ්‍ය හමුවකදී එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල කියා සිටියේ පළාත්සභාවලට පොලිස් බලතල පැවරීම සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට විමර්ශනය කළ හැකිව ඇත්තේ වැරදි 15ක් පමණක් බවයි. 

යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායක ද අද අදහස් පළ කළා.

ඡන්ද විමසීම් කල්දැමීම සඳහා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා යෝජනාව ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති බවයි කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර පැවසුවේ.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් රට දෙකඩ වීමක් සිදු නොවන බවයි කහවත්ත ප‍්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් අමාත්‍ය තලතා අතුකෝරාල කියා සිටියේ.

කෙසේවෙතත් අද පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට අභියෝගයක් එල්ල කළා.