Friday, April 26, 2024

General line - 0115112241

දෙමළ සන්ධානය විපක්‍ෂ නායක නිල නිවසත් මහින්දට දෙයි

කසුන් කැළුම්/ පසන් වික්‍රමතිලක




විපක්‍ෂ නායක නිල නිවස ලබන 18 වැනිදා එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර පවසනවා. 

මේ වනවිට පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක කාර්යාලයද දෙමළ ජාතික සන්ධානය විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට භාරදී ඇති බවයි නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියාසිටියේ.

මේ අතර ඉකුත්දා පාර්ලිමේන්තුවේ පැවති පක්‍ෂ නායක රැස්වීමේදී කතානායකවරයා දැනුම් දුන්නේ විපක්‍ෂ නායක කාර්යාලය මහින්ද රාජපක්‍ෂ මහතාට කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙසයි.