Friday, April 26, 2024

General line - 0115112241

විදුලිය ගැන රවී හදිසියේ ගෙනා යෝජනාවට කැබිනට් මණ්ඩලයේදී විරෝධය

හේමන්ත කහවලගේ




රජයේ සංස්ථා සහ මණ්ඩලවල සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය මෙම සතියේ පත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි වාර්තා වනවා.

ඉකුත්දා පැවති කැබිනට් රැස්වීමේ දී ද ජනාධිපතිවරයා දැනුම් දී තිබුණේ සතියක් තුළ මෙම පත් කිරීම් සිදු කරන ලෙසටයි.

රජයේ සංස්ථා හා මණ්ඩල සඳහා සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය පත් නොකිරීමෙන් එම ආයතනවල කටයුතුවලට ගැටළු මතුව ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබුණා.

කැබිනට් මණ්ඩලය දිවුරුම් දී ලබන 20 වැනිදාට මාස 02ක් සම්පූර්ණ වනවා. එහෙත් රජයේ සංස්ථා සහ මණ්ඩල සඳහා ප‍්‍රධානීන් මෙතෙක් පත් කර නැහැ. 

මේ අතර දින 10ක් තුළ හදිසි විදුලි මිලදී ගැනීමකට විෂයභාර අමාත්‍ය රවී කරුණානායක කරන ලද යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ දී විරෝධය පළ වී ඇති බවද වාර්තා වනවා.