Friday, April 26, 2024

General line - 0115112241

ඇමති රාජිත හා කුමාර් සංගක්කාර අතර සාකච්ඡාවක්

මහේෂ් චතුරංග/ඩිල්ෂාන් මඩවල




සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතු සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කරන බවට පළ වන අදහස් සත්‍යයෙන් තොර බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡුාවකින් පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉකුත්දා කළ ප‍්‍රකාශයන්ට ප‍්‍රතිචාර දක්වමින්. කොළඹ අද (16) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම අ)දහස් පළ කෙරුණා.

තමන් සහ කුමාර් සංගක්කාර අතර ඉකුත්දා පැවති සාකච්ඡාවක් පිළිබදවද අමාත්‍ය රාජිත සේනාරත්න මෙහිදී කරුණු දැක්වුවා.

එම සාකච්ඡාව කිසිදු දේශපාලන කරුණක් සම්බන්ධයෙන් පැවැත්වූ එකක් නොවන බවයි එහිදී ප‍්‍රකාශ කෙරුණේ.

කුමාර් සංගක්කාර විසින් ඉදිරිපත් කෙරුණු සෞඛ්‍ය ප‍්‍රවර්ධන යෝජනාවක් සම්බන්ධයෙන් එම සාකච්ඡා සිදු කෙරුණු බවද අමාත්‍යවරයා පැවසුවා.