Friday, April 26, 2024

General line - 0115112241

අධ්‍යාපනයට සහ සෞඛ්‍යය වෙනුවෙන් කළ මෙහෙවර ගැන අගමැති කතා කරයි

සමන්ත කුමාර




රජය මුදල් කප්පාදු කරන බවට ඇතැම් පාර්ශව චෝදනා කළත් මෙරට බලයට පත්වූ කිසිඳු ආණ්ඩුවක් වැය නොකළ ආකාරයේ මුදලක් වත්මන් ආණ්ඩුව ගතවූ වසර 04 තුළ අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙනුවෙන් වැය කර ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

යුද්ධයෙන් පසු රටේ වැඩිපුර මුදලක් යටිතල පහසුකම් හා සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් වැය කළත්, එම සංවර්ධන ව්‍යාපෘති සුදු අලියෙක් බවට පත්ව රටට බරක් වී තිබූ බවයි අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය විවෘත කිරීමේ අවස්ථාවට අද (17) එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මීට සමගාමීව රත්නපුර මහ රෝහල, ශික්ෂණ රෝහලක් බවට පත් කිරීම ද අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා.