Friday, April 26, 2024

General line - 0115112241

චන්දිමාල්ගෙන් වේගවත් ශතකයක්

කසුන් කැලුම්




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේදී අද (19) පැවති තරගයකදී වේගවත් ශතකයක් වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල් සමත් වුණා. ඒ, සැරසන්ස් කී‍්‍රඩා සමාජයට එරෙහිවයි. 

එන් සී සී කී‍්‍රඩා සමාජය නියෝජනය කළ දිනේෂ් චන්දිමාල් එහිදී පන්දු 62 කදී නොදැවී රැුස් කළ ලකුණු සංඛ්‍යාව 101 ක්. ඊට හයේ පහර 6 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් එන් සී සී කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුළු 5 ක් දැවී ලකුණු 196 ක් රැස් කිරීමට සමත් වුණා. 

එම ඉලක්කය හඹා ගිය සැරසන්ස් කී‍්‍රඩා සමාජයට නියමිත පන්දුවාර විස්සේදී කඩුළු 9 ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 149 ක් පමණයි. මෙම තරගය කොළඹ එන් සී සී කී‍්‍රඩාංගණයේදී පැවැත්වුණා.