Friday, April 26, 2024

General line - 0115112241

ජනපති එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව අමතයි

ඩිල්ෂාන් මඩවල




සුරක්‍ෂිත පරිසරයක ජීවත්වීමේ අයිතිය සහතික කිරීම සියළු දෙනාගේ ප‍්‍රමුඛ වගකීමක් විය යුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

තිරසර ගෝලීය ආර්ථික දර්ශක මත පදනම්ව පරිසර හිතකාමී ආර්ථික ප‍්‍රවණතා හදුන්වාදීමද කළයුතු බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ 4 වන සැසි වාරය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා. 

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙම ජාත්‍යන්තර සමුළුවට සහභාගිවී සිටින්නේ කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටාගේ විශේෂ ආරාධනයක් අනුවයි.

රටවල් 58 ක පරිසර අමාත්‍යවරුන් ඇතුළු නියෝජිතයන් 5,000 කට වැඩි පිරිසක් ඊට සහභාගිවී සිටිනවා.