Friday, April 26, 2024

General line - 0115112241

ගුවන් පදික පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 6 දෙනෙක් ජිවිතක්ෂයට

දිනුක් හේවාවිතාරණ




ඉන්දියාවේ මුම්බායි හි ගුවන් පදික පාලමක් කඩා වැටීමෙන් ඒ මත ගමන් කරමින් සිටි පුද්ගලයින් 6 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුර ඊයේ (14) රාත්‍රී 7.30ට පමණ සිදුව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ. මෙම අනතුරෙන් තවත් පුද්ගලයින් 33 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

මුම්බායි චාත්‍රපති ශිවාජි මහරාජ් දුම්රිය ස්ථානය හා යාකරන මෙම ගුවන් පදික පාලම එරට වැඩිම පදිකයින් පිරිසක් භාවිත කරන ගුවන් මගී පාලමක් ලෙස සලකනු ලබනවා. කෙසේ වුවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ මෙම ගුවන් පදික පාලම අලුත්වැඩියා කරමින් තිබුනත් පදිකයින් එය එදිනෙදා කටයුතු සඳහා භාවිත කරමින් සිටිය බවයි.

මෙම අනතුර සිදුවන අවස්ථාවේදී ඊට නුදුරින් පිහිටි මාර්ග සංඥා පද්ධතියේ රතු එළිය දැල්වී තිබීම හේතුවෙන් ඊට පහළ මාර්ගයේ වාහන ධාවනයක් සිදු නොවීම හේතුවෙන් සිදුවන්නට ගිය මහා විනාශයක් වැළකි තිබෙනවා.