Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ජනපති මෛත්‍රී පරිසර හිතකාමී නායකයෙක් - කෙන්යා ජනපති




ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පරිසර හිතකාමී නායකයෙකු බව කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා පවසනවා. පරිසරය රැක ගැනීම වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් ගනු ලැබ ඇති පියවර ඉතා ඉහළින් අගය කරන බවද කෙන්යානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා. රාජ්‍ය නායකයන් දෙපළ අතර ඊයේ පස්වරුවේ පැවති සුහඳ සාකච්ඡාවකදී මෙම අදහස් පළ කෙරුණා.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කෙන්යානු සංචාරයක යෙදී සිටින්නේ නයිරෝබි අගනුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ 4 වන සැසි වාරය සදහායි. මෙම සැසි වාරය අමතමින් ජනාධිපතිවරයා ඊයේ (14) විශේෂ දේශණයක්ද සිදුකළා. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ජනාධිපති උහුරු කෙන්යාටා අතර සුහඳ සාකච්ඡාවක් සිදුවූයේ ඉන් අනතුරුවයි.