Friday, April 26, 2024

General line - 0115112241

ආනයනික කිරිපිටි මිල රුපියල් හැටකින් ඉහළට

හේමන්ත කහවලගේ




ආනයනික කිරිපිටි මිළ ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අනුමැතිය ලබාදී තිබෙනවා. 

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග‍්‍රෑමයක මිළ රුපියල් 60 කින් සහ ග‍්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිළ රුපියල් 25 කින් ඉහළ දැමෙනු ඇති. 

රුපියල් 860 ක්ව පැවති ආනයනික කිරිපිටි කිලෝග‍්‍රෑමයක නව මිළ රුපියල් 920 ක්. රුපියල් 345 ක්ව පැවති ග‍්‍රැම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිළ රුපියල් 370 ක් බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පැවසුවා. 

ආනයනික කිරිපිටි සදහා මිළ සූත‍්‍රයක් කි‍්‍රයාත්මක කිරීමට ඉකුත්දා කැබිනට් අනුමැතිය හිමි වූ අතර ඒ අනුව ආනයනික කිරිපිටි මිළ ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අනුමැතිය ලබාදුන්නා.