Friday, April 26, 2024

General line - 0115112241

බදුල්ලේ පොළොව සෙලවෙයි

දිනුක් හේවාවිතාරණ / ඉරේෂාන් සිරිවර්ධන




අද (16) උදෑසන 8.20ට පමණ බදුල්ල, පස්සර, හාලිඇල ප්‍රදේශවලට විශාල ශබ්දයක් සහිත භූ චලනයක් ඇතිවූ බවට එම ප්‍රදේශවාසින් පවසනවා.

තත්පර 3-5ත් වැනි කාලයක් තුල භුමියේ දෙදිරිමක් සමග ශබ්දයක් ඇසුනු බවට ප්‍රදේශවාසින් ප්‍රකාශ කල බවයි ආපදා කළමණාකරණ දෙපාර්තමෙන්තුවේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි සදහන් කර සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සොයා බලමින් සිටින බවට ඔහු වැඩිදුරටත් කියා සිටියා.