Friday, April 26, 2024

General line - 0115112241

දින 6කදී රථ වාහන නීති කැඩූ 29000කට නඩු

ලහිරු කපුගේ/කසුන් කැළුම්




පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නියමයෙන් ඉකුත් දින 6 තුළ සිදු කෙරුණු විශේෂ රථ වාහන මෙහෙයුම්වලින් බීමත් රියදුරන් 1,321 දෙනෙකුට එරෙහිව නඩු පවරූ බව පොලීසිය පවසනවා. 

මෙම කාලසීමාවේදී විවිධ රථ වාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 29,275 දෙනෙකුට නඩු පැවරූ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ. 

මංතීරු නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් නඩු 3,472 ක්ද ඒ අතර වන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

විශේෂ රථ වාහන මෙහෙයුම් එළඹෙන සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද අවසන් වන තෙක් කි‍්‍රයාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ.