Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රීලනිපය සහ පොදුජන පෙරමුණේ තීරණාත්මක දවස අදයි

කසුන් කැළුම්




ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අතර දෙවන සාකච්ඡාව අද (21) පෙරවරුවේ පැවැත්වෙනවා.

ඒ, විපක්‍ෂ නායක කාර්යාලයේදීයි.

දෙපාර්ශ්වය අතර පිහිටුවීමට නියමිත නව සන්ධානය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

මේ සම්බන්ධයෙන් ඉකුත් 14 වැනිදා පළමුවරට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සාකච්ඡා ආරම්භ කළා.

ඉදිරි ජනාධිපතිවරණය සහ මහමැතිවරණයට තරග වැදීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරෙනු ඇති. කෙසේවෙතත් අද පැවැත්වෙන සාකච්ඡාව තීරණාත්මක වනු ඇති බවයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර නෙත් නිවුස් වෙත කියාසිටියේ.