Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා නියෝජිතයින් පිරිසක් මානව හිමිකම් කොමසාරිස් හමුවෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගී වූ ශ‍්‍රී ලංකා නියෝජිත පිරිස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ මුණගැසී තිබෙනවා. මීට අමතරව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා ද ශ‍්‍රී ලංකා නියෝජිත පිරිස මුණගැසී ඇතැයි සඳහන්. 

එහිදී මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව ලබා ඇති ප‍්‍රගතිය පිළිබඳ මානව හිමිකම් කොමසාරිස්වරිය සිය ප‍්‍රසාදය පළ කර තිබෙනවා. එමෙන්ම මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වූ යෝජනාව ක‍්‍රියාවට නැංවීමේ දී ශ‍්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කිරීමටයි ඇය එකඟතාව පළ කර ඇත්තේ. ශ‍්‍රී ලංකාවට තාක්ෂණික සහය ලබාදීමට සූදානම් බවද පිරිස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ මෙහිදී ප‍්‍රකාශ කර තිබෙනවා. 

මේ අතර ජිනීවා මානව හිමිකම් සමුළුව සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ තවදුරටත් විවිධ අදහස් පළ වනවා. මේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා. 

ජාත්‍යන්තර අධිකරණයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම් ඒ සුමන්තිරන් සිදු කළ අදාළ ප‍්‍රකාශයට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා දැක්වූයේ මෙවන් ප‍්‍රතිචාරයක්.