Friday, April 26, 2024

General line - 0115112241

පාගමන වරකාපොළ – කිරිබත්ගොඩ තණකොල(UPDATE)




ඒකාබද්ධ විපක්ෂයේ පාගමන මේවන විට වරකාපොළට පැමිණ සිටිනවා.

මහින්දානන්ද අලුත්ගමගේ, ඩලස් අලහප්පෙරුම, රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල මහත්වරු ඇතුළු පිරිසක් පාගමනේ ඉදිරියෙන් සිටින බවයි වාර්තා වන්නේ.

අද (30)දිනයේ දී පාගමන නිට්ටඹුව නගරය දක්වා ගමන් කිරීමට නියමිතයි.

මේ අතර කිරිබත්ගොඩ නගර මධ්‍යයේ විදුලි කණුවල මේ වන විට තණකොල මිටි එල්ලා ඇති පුවතක් වාර්තා වනවා.

ඒකාබද්ධ විපක්ෂයේ පා ගමන වෙනුවෙන් විරෝධය දක්වමින් මෙලෙස තණකොළ එල්ලා ඇති බවයි ඇතැමුන් සඳහන් කළේ.


පාරේ වමෙන් පරිස්සමෙන් – නෙළුම්දෙණියෙන් ගමන් අරඹන පාගමනට අදාළ මාර්ග නීති මෙන්න

Jul 30, 2016 @ 05:28

ඒකාබද්ධ විපක්‍ෂය සංවිධානය කරන ජන සටන පාද යාත්‍රාවේ තෙවැනි දිනය අද(30)යි.

දෙවැනි දිනයට නෙළුම්දෙණියෙන් පාගමන ඊයේ නිමා වූ අතර අද නැවතත් නෙළුම්දෙණියේ සිට එය ආරම්භ කිරීමට නියමිතය.

එ්කාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව ගම්පහ ප්‍රදේශයේ දී පාරේ වම් පස තීරුවේ පමණක් ගමන් කළ යුතු වන අතර කලගෙඩිහේන සිට කිරිල්ලවල දක්වා එලෙස ගමන් කළ යුතු යැයි ගම්පහ මහේස්ත්‍රාත් කාවින්දා නානායක්කාර  මෙනවිය ඊයේ (29) නියෝග කරනු ලැබුවා.

අද පාද යාත්‍රාව නෙළුම්දෙණියේ සිට නිට්ටඹුව දක්වා පැමිණීමට නියමිතයි.