Friday, April 26, 2024

General line - 0115112241

පොලිසියට පහරදුන් කන්තලේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට




කන්තලේ පොලිසිය අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙකුට සහ ඔවුන්ගේ ඥාතීන් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුව තිබෙනවා. ඒ කන්තලේ වැවේ බටහතර ප්‍රදේශයේදියි. වැවේ දිය නාමින් සිටි එම නිලධාරීන්ගේ පවුලේ ඥාතීන් පිරිසකට, එම ප්‍රදේශයේ පදිංචි බීමත්ව පැමිණි පුද්ගලයන් පිරිසක් විදුරු බෝතල්වලින් පහර දී තුවාළ සිදු කර තිබෙනවා.

එහිදී එම පුද්ගලයින් කාන්තාවකට අතවර කිරීමකට තැත් කර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද විමර්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙම පහරදීම පිළිබඳව තොරතුරු දැනගත් විගස එම පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනාද එම ස්ථානයට පැමිණ තිබෙනවා. එහිදී ඔවුන්ටද බිමත්ව සිටි පිරිස පහරදි ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධියෙන් තුවාල ලැබු පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා ඇතුලු පුද්ගලයන් 10දෙනෙකු කන්තලේ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම පහර දීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඒ අතර කන්තලේ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු වන නිශ්ශංක ජයලත් කෝදාගොඩද වනවා. අත්අඩංගුවට ගැනුනු 24 හැවිරිදි අනෙක් සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ කන්තලේ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ.