Friday, April 26, 2024

General line - 0115112241

ලෝක කුසලානයට සහභාගීවීම ගැන නිශ්චිත පිළිතුරක් නොදුන් මාලිංග සමාජජාල වාර්තා ගැන කිව්ව කතාව

කසුන් කැළුම්




සමාජ මාධ්‍ය ඔස්සේ පළවන තොරතුරු තමන්ට අදාළ නොවන බව ශී‍්‍ර ලංකා වේග පන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංග පවසනවා.

ශී‍්‍ර ලංකා එක්දින කි‍්‍රකට් කණ්ඩායමේ නායකත්වය නොලැබීම හේතුවෙන් ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියට සමුදීමට මාලිංග සැරසෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන තොරතුරු සම්බන්ධයෙන් නෙත් ස්පෝර්ට්ස්මන් කළ කරුණු විමසීමකදී ඔහු මේ බව කියාසිටියා.

කෙසේවෙතත් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගිවීම සම්බන්ධයෙන් ඔහු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත නිශ්චිත පිළිතුරක් ලබාදුන්නේ නැහැ.

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී තරග 9 ක් කී‍්‍රඩා කිරීමට ඇති බවත් තමන්ගේ වයස මේ වනවිට අවුරුදු 36 ක් බවත් තරගාවලිය සම්බන්ධයෙන් සිතා බැලිය යුතු බවත් ඉන්දියාවේ සිට නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් දක්වමින් ලසිත් මාලිංග කියාසිටියා.

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙතෙක් නම් කර නොමැති බැවින් එවැනි තීරණයක් ගැනීමේ අවශ්‍යතාවක් මෙතෙක් පැන නොනගින බවයි මාලිංග නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වැඩිදුරටත් සඳහන් කළේ. 

මේ අතර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (18) ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මෙතෙක් එම කණ්ඩායම  කී‍්‍රඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර නොමැති අතර බොහෝ දුරට අද පස්වරුව වනවිට කණ්ඩායම නම් කෙරෙනු ඇති බවටයි කි‍්‍රකට් ආරංචි මාර්ග අනාවරණ කළේ. අද පස්වරු දෙකට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේදි විශේෂ මාධ්‍ය හමුවක්ද පැවැත්වීමට නියමිතයි.