Friday, April 26, 2024

General line - 0115112241

රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි : පිට පළාත් සිට කොළඹට බස් ධාවනය සිමා කෙරේ - නියෝජ්‍ය ප්‍රවාහන අමාත්‍ය

දිනුක් හේවාවිතාරණ




රටේ උද්ගතව ඇති තත්ත්වය සළකා බලා පිට පළාත්වල සිට කොළඹ දක්වා ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ ධාවනය තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති බව සිවිල් ගුවන් සේවා සහ ප්‍රවාහන අමාත්‍ය අශෝක අබේසිංහ ප්‍රකාශ කර සිටිනවා. ඊට අමතරව රාත්‍රී තැපැල් දුම්රියන් සියල්ල අද (21) දිනයේදී අවලංගු කිරීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා කියා සිටියා.

මිට අමතරව කොළඹ මධ්‍යම බස් නැවතුම්පලේ රැඳී සිටින මගින්ව ඔවුන්ගේ ගමනාන්තය දක්වා රැගෙන යාමට අවශ්‍ය බස් රථ යොදවා ඇති බවත් කටුනායක ගුවන් තොටුපළේ ආරක්ෂාව මේ වන විට දැඩි කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.