Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් තනතුරු කිහිපයක වෙනසක්




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු ලෙස අසන්තද මෙල් පත්කර තිබෙනවා.

ඒ, එළඹෙන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගෙනයි.

අසන්ත ද මෙල් මේ වනවිට ශ‍්‍රී ලංකා ජාතික තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරනවා.

මේ අතර ශ‍්‍රී ලංකා 'ඒ' කණ්ඩායමේ පුහුණුකරු ලෙස රෝයි ඩයස් පත් කිරීමටයි තීරණය කර ඇත්තේ. නැගී එන කණ්ඩායමේ පුහුණුකරු ලෙස අවිෂ්ක ගුණවර්ධන පත්කර තිබෙනවා. ඔහු ශ‍්‍රී ලංකා 'ඒ' කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ සමයේ කණ්ඩායම ඉහළ දක්ෂතා දැක්වූවා.