Friday, April 26, 2024

General line - 0115112241

මාලිංගට විවේකයක්

කසුන් කැළුම්




ස්කොට්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින කි‍්‍රකට් තරගාවලියේදී ලසිත් මාලිංග විවේක ගැන්වීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

ලෝක කුසලානයට පෙර ශ‍්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේදී ස්කොට්ලන්තය සමග එක්දින තරග 02කට සහභාගීවීමට නියමිතයි.

මේ වනවිට අයි. පී. එල්. කි‍්‍රකට් තරගාවලියට එක්ව සිටින ලසිත් මාලිංග, එම තරගාවලියෙන් පසු ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතව තිබෙනවා. ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගී වන ශ‍්‍රී ලංකා කණ්ඩායම ලබන 07 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.