Saturday, April 27, 2024

General line - 0115112241

‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ අවසානය ප්‍රේක්ෂකයින් දුරදිග ගෙනියයි

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලොවපුරා උන්මාදයක් සේ රසික ප‍්‍රසාදයක් දිනාගත් ‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ රූපවාහිනී කතා මාලාව මේ වන විට නිමාවට පත්වී තිබෙනවා. ඒ, පේ‍්‍රක්‍ෂකයින්ගේ මෙන්ම විචාරකයින්ගේද පැසසුම් මෙන්ම විවිධ විවේචන ද සමගයි. 

‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ කතා මාලාව කතාංග 8කින් යුක්ත වුණා. විකාශය කෙරුණු කොටස් සංඛ්‍යාව 72 ක්. ලෝක රූපවාහිනී ඉතිහාසයේ වඩාත් සාර්ථකම සහ ආකර්ශනීයම කතා මාලාවක් ලෙසටයි ‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ සැලකෙන්නේ. 2011 වසරේ අපේ‍්‍රල් මස 17 වැනිදා එහි පළමු කතාංගය විකාශය කිරීමත් සමග එය උන්මාදයක් සේ ලොවපුරා ප‍්‍රචලිත වුණා.

ශී‍්‍ර ලංකාවේද ‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ රසිකයින් රැසක් සිටිනවා.

කෙසේවෙතත් කතා මාලාව අවසන් වූ ආකාරය පිළිබද සතුටට පත්විය නොහැකි බවයි බොහෝ පේ‍්‍රක්‍ෂකයින් චෝදනා කරන්නේ. පේ‍්‍රක්‍ෂකයින් මිලියනයකට අධික සංඛ්‍යාවක් දැනටමත් පෙත්සමකට අත්සන් තබමින් සිටින අතර ඔවුන් ඉල්ලා සිටින්නේ ‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ කතා මාලාව අවසන් වූ 8 වන කතාංගය යළි නිර්මාණය කරන ලෙසටයි.