Friday, April 26, 2024

General line - 0115112241

මාලිංගට සහ උදානට කැරිබියන් පිටියේදි ඉහළ මිලක්

කසුන් කැළුම්




මෙවර කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසියේදී වැඩිම මිලක් නියම වූ කී‍්‍රඩකයින් අතරට ලසිත් මාලිංගට සහ ඉසුරු උදාන ද එක්ව සිටිනවා.

සාන්ත ලූසියා ස්ටාර්ස් කණ්ඩායම විසින් ලසිත් මාලිංගව මිලදී ගෙන තිබුණේ අමෙරිකානු ඩොලර් එක් ලක්ෂ හැට දහසකටයි. එහි වටිනාකම 

ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි දෙකහමාරකට අධික වනවා. ඉසුරු උදාන එම වටිනාකමට මිලදී ගනු ලැබුවේ සාන්ත කිට්ස් කණ්ඩායම විසින්.

මෙවර කැරිබියන් පි‍්‍රමියර් ලීග් තරගාවලියට එක්වීමේ අවස්ථාව තිසර පෙරේරා, සීකුගේ ප‍්‍රසන්න සහ නිරෝෂන් දික්වැල්ලට ද හිමිව තිබෙනවා.

2019 කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලිය ලබන අගෝස්තු මස 21වනදා ආරම්භ වීමට නියමිතයි.