Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දියාවේ මහල් ගොඩනැගිල්ලක ගින්නක් : සිසුන් 15ක් ජිවිතක්ෂයට

දිනුක් හේවාවිතාරණ




ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පිහිටි මහල් ගොඩනැගිල්ලක ඇතිව තිබෙන ගින්නකින් මේ වන විට එම ගොඩනැගිල්ලේ උපකාරක පන්තියකට සහභාගී වෙමින් සිටි සිසුන් 15 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා. 

එම මහල් ගොඩනැගිල්ලේ තෙවන සහ සිව් වන මහල් වල ඇතිවී තිබෙන මෙම දරුණු ගින්න පාලනය කිරීම සදහා ගිනි නිවීමේ රථ 19ක් මේ වන විට එම ස්ථානය වෙත කැදවා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇතිවී තිබෙන ගින්නෙන් බේරීම සදහා කොටුවී සිටින ඇතැම් සිසුන් හා පිරිස් 3 වන හා 4වන මහලේ සිට බිමට පනින අයුරු දුටු බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර සිටියේ. 

" ගුජරාට් හි සුරත් ප්‍රදේශයේ ඇතිවී තිබෙන ඛේදවාචකය සම්බන්ධයෙන් තමා ඉතා කණගාටුවට පත්වන බවත්, සිදුවීමෙන් විපතට පත්ව සිටින අයගේ පවුල් වලට සිය ශෝකය පළකරන අතරම තුවාල ලබා සිටින අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතරම විපතට පත්වූවන් සදහා ප්‍රාන්ත බලධාරීන් විසින් අවශ්‍ය සියළු උපකාරයන් ලබා දීමට අවශ්‍ය කටයුතු කරන ලෙස තමන් ඉල්ලා සිටින බවට" අගමැති නරේන්ද්‍ර මෝදී ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.