Friday, April 26, 2024

General line - 0115112241

45 වන ජාතික මහා ක්‍රිඩා උළලේ ඇවිදීමේ තරග ජය උතුරුමැද සහ දකුණට

කසුන් කැළුම්




45 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ ඇවිදීමේ තරග අද (25) පෙරවරුවේ අනුරාධපුරයේදී නිමාවට පත් වුණා. එහි පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේ උතුරුමැද පළාත නියෝජනය කළ ඩී එම් අයි එස් එස් දුනුකාරයි. රිදී පදක්කම සහ ලෝකඩ පදක්කම බස්නාහිර පළාත නියෝජනය කළ ජී එස් චන්දික සහ නිරෝෂන් අප්පුහාමි විසින් දිනාගත්තා.

මේ අතර මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලේ ඇවිදීමේ කාන්තා තරග ඉසව්වේ රන්, රිදී සහ ලෝකඩ පදක්කම් ත්‍රිත්වයම දකුණු පළාත විසින් දිනාගැනීම කැපී පෙනුනා. පිළිවෙලින් එම පදක්කම් දිනාගත්තේ පී බී ගයනි, දිනූෂා දිල්හානි සහ ලක්‍ෂ්මි කළ්‍යාණි යන ක්‍රීඩිකාවන්.