Friday, April 26, 2024

General line - 0115112241

නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ ඉන්දීය මුල්පෙළ කඩා වැටෙයි

කසුන් කැළුම්




ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නවසීලන්තය අතර පුහුණු තරගය ලන්ඩන්හිදී දැන් පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම මෙහිදී පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඉන්දීය මුල්පෙළ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළ නවසීලන්ත පන්දු යවන්නන් ඉන්දීය ඉනිමේ මුල් කඩුළු 04 බිඳ දැමුවේ ලකුණු 39ක් තුළයි.

රෝහිත් ශර්මා සහ ශිකර් ධවාන් ලකුණු 02 බැගින් රැස්කර සිටියදී දැවී ගියා. නායක විරාත් කෝලි රැස් කළේ ලකුණු 18ක් පමණයි. ලෝකේශ් රාහුල් ලකුණු 06කට දැවී ගියා.

පළමුවෙන් පන්දුවට පහරදෙන ඉන්දීය කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 22.4 ක් අවසානයේ කඩුළු 7 ක් දැවී රැස් කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 91 ක්. පන්දු යැවීමේදී ටේ‍රන්ට් බෝල්ට් ලකුණු 20 කට කඩුළු 03ක් දවා ගත්තා.