Friday, April 26, 2024

General line - 0115112241

පොසොන් වෙනුවෙන් දන්සැල් 492 ක් ලියාපදිංචි කෙරේ

දිල්ශාන් තුෂාර /තරංග රුක්ෂාන්




පොසොන් උත්සවය වෙනුවෙන් දිවයින පුරා දන්සැල් 492 ක් ලියාපදිංචි වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ඉන් දන්සැල් 198 ක් අනුරාධපුර දිස්ති‍්‍රක්කයේත් දන්සැල් 24 ක් පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේත් ලියාපදිංචි වී ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවසුවේ.

පොසොන් උත්සවය වෙනුවෙන් දන්සැල් ලියාපදිංචි කිරීම හෙටින් අවසන් වනවා.