Friday, April 26, 2024

General line - 0115112241

රවීට සහ බිරිඳට CIDට ප‍්‍රකාශයක් දෙන්නැයි නියෝග

අධිකරණ වාර්තාකරු




මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දීම සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායකට සහ ඔහුගේ බිරිඳට ලබන මස 07වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප‍්‍රකාශයක් ලබා දෙන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග කළා.

අමාත්‍යවරයාගේ දියණිය වන ඔනෙලා කරුණානායකට ද මේ මස 26වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප‍්‍රකාශයක් ලබා දෙන ලෙසයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න එහිදී නියෝග කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට, අදාළ පිරිසගෙන් වැඩිදුර ප‍්‍රකාශ ලබා ගැනීම අවශ්‍ය බවට පොලීසිය කළ දැනුම්දීමක් අනුවයි අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.