Friday, April 26, 2024

General line - 0115112241

හම්බන්තොට නව මහ රෝහල විවෘත කිරීමට සියල්ල සූදානම් (PHOTOS)




හම්බන්තොට ඉදිකරන ලද අංග සම්පූර්ණ නව රෝහල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් ජුලි මස 01 දා  විවෘත කිරිමට කටයුතු යොදා තිබෙනවා.

නෙදර්ලන්තයේ සහන ණය ආධාර යටතේ යූරෝ මිලියන 46.8 ක් වැය කරමින් මෙම නව රෝහල ඉදිකර ඇත. 

ඇදන් 850 කින් යුක්ත මෙම රෝහලේ නවීන වෛද්‍ය උපකරණ වලින් මෙන්ම ශල්‍යාගාර, දැඩිසත්කාර ඒකක බාහිර රෝගී සත්කාර ඒකක, ඖෂධාගාර, රුධිර පාරවිලයන මධ්‍යස්ථාන වලින්ද සමන්විත වී තිබෙනවා.

එමෙන්ම වෛද්‍යවරුන්, හෙද හෙදියන් සදහා නව නිල නිවාස ද ඇතුලත් වීම විශේෂත්වයක්.

හම්බන්තොට දැනට පවතින මහ රෝහල් භූමියේ සායන කිහිපයක් පවත්වාගෙන යාමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තාවනවා.