Friday, April 26, 2024

General line - 0115112241

මාකඳුරේ මදූෂ් ගිනි අවි සෝදිසියකට ගෙන යයි




අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පාතාල නායක මාකඳුරේ මදූෂ් රැගෙන ගොස් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මීගමුව අක්කර 50 වත්ත දළුපොත ඇළේ සගවා තිබූ ටී 56 ගිනිඅවියක් සොයා ගෙන තිබෙනවා.

මෙම සෝදිසි මෙහෙයුමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව තිබෙනවා. අදාළ ස්ථානයේ තිබී උණ්ඩ රහිත ටී 56 මැගසින් 01ක්ද සොයා ගැනුණු බවයි පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසුවේ. 

එම ගිනිඅවිය සහ මැගසිනය වැඩිදුර විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන් බව ද පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළා.