Friday, April 26, 2024

General line - 0115112241

'මේක කවුරුත් කතා කරන්න බයයි' - විජේදාස පාස්කු ප්‍රහාරයට ඇති සම්බන්ධයක් හෙළිකරයි

සමීර ගොඩපිටිය




හම්බන්තොට වරාය චීනයට විකිණීම සහ පාස්කු ඉරිදා ප‍්‍රහාරය අතර සම්බන්ධයක් ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා. ඒ, ඊයේ (07) පස්වරුවේ කොළඹ පැවැති සම්මන්ත‍්‍රණයකට එක්වෙමින්. 

කැබිනට් මණ්ඩලයේදී මේ වනවිට සම්මත කර ගෙන ඇති ඉඩම් හිමිකම් පනත මගින් රටට දරුණු ප‍්‍රතිවිපාක අත්විය හැකි බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය විජේදාස රාජපක්ෂ පැවසුවේ. 

කෙසේවෙතත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට රජය කටයුතු කරමින් සිටිද්දී, ඇතැම් පාර්ශ්ව ඊට විරුද්ධ වී ඇති බවයි. එම ව්‍යාපාරයන්ට එරෙහිව පාරට බැස උද්ඝෝෂණ පවත්වා හෝ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට කටයුතු කරන බවයි අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ.