Friday, April 26, 2024

General line - 0115112241

දකුණු පළාතේ ජනතාව සන්සුන්ව සිටින්න - ආරක්ෂක අමාත්‍යාංශය

දිනුක් හේවාවිතාරණ




දකුණු පළාත තුල ආරක්ෂාව යුධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ විසින් තහවුරු කර ඇති බැවින් කිසිදු බියකින් තොරව ජනතාවට සන්සුන්ව සිටින ලෙස යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කර සිටිනවා. 

දකුණු පළාතේ රාජ්‍ය ආයතනයට බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමක් ඇති බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතින ලිපියක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියා.

" ආරක්ෂක අමාත්‍යාංශය සියළුම ආරක්ෂක අංශ සමග සමීප සම්බන්ධතාවයකින් යුතුව අදාළ තොරතුරු හුවමාරු කර ගැනීම් ආදිය සිදුකරන බවත්, මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් උපරිම ලෙස අවශ්‍ය සියලු ක්‍රියා මාර්ග ගෙන ඇති බවයි"