Friday, April 26, 2024

General line - 0115112241

නයගරා ඇල්ලෙන් ඇදවැටී පුද්ගලයෙකුගේ දිවි බේරෙයි

පවිත්‍රා මදුහර්ෂනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




පුද්ගලයෙකු, නයගරා දිය ඇල්ලෙන් ඇදවැටීමේ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වනවා.

නයගරා දිය ඇල්ලට අයත් දියඇළි තුනෙන් විශාලතම දිය ඇල්ල ලෙස සැලකෙන ‘‘හෝර්ස් ෂූ’’ ඇල්ලේ කැනඩාවට දෙසින් වූ ප‍්‍රදේශයේ අඩි 188 ක් උසකින් ඇදවැටී සිටියදීයි පොලීසිය විසින් මෙම පුද්ගලයා සොයා ගෙන තිබුණේ.

අදාළ ස්ථානයට ජිවිතාරක්ෂක භටයින් ළගාවනවිටත් එම පුද්ගලයා දියෙන් ගොඩට පැමිණ සිට ඇති බවයි වාර්තා වන්නේ. ජීවිත හානියක් සිදු නොවී ඔහුගේ දිවි බේරීම පුදුම සහගත කි‍්‍රයාවක් බව ද බලධාරීන් සඳහන් කළා.

මුදා ගැනුණු අදාළ පුද්ගලයා රෝහල් ගත කර ඇතත් මෙතෙක් ඔහුගේ අනන්‍යතාව තහවුරු කර නැහැ. නයගරා ඇල්ලෙන් ඇදවැටී දිවි බේරා ගත් දෙවන පුද්ගලයා ලෙසයි ඔහු ඉතිහාසයට එක්වන්නේ.