Friday, April 26, 2024

General line - 0115112241

වසරේ ICC එක්දින කණ්ඩායම නම් කෙරේ

දිනුක් හේවාවිතාරණ




ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ එක්දින කණ්ඩායම අද (15) නම් කරනු ලැබුවා. එම කණ්ඩායමේ නායකත්වය සඳහා නවසීලන්ත ක්‍රිකට් පිලේ නායක කේන් විලියම්සන් නම් කර තිබෙනවා.

වසරේ එක්දින තරගාවලිය සඳහා ඊයේ පැවති අවසන් මහ තරගයට ක්‍රීඩා කරනු ලැබූ එංගලන්ත සහ නවසීලන්ත කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් 06 දෙනෙකු ඇතුලත් වීම විශේෂත්වයක්. වසරේ ICC එක්දින කණ්ඩායමට බංග්ලාදේශ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන් සහ ඉන්දියානු පිලේ රෝහිත් ෂර්මා සහ ජස්ප්‍රිට් බුම්රා ද නම් කර තිබෙනවා. 

මෙවර වසරේ එක්දින කණ්ඩායම සඳහා එකදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ඇතුලත් නොවීම සුවිශේෂී කරුණක් වනවා.