Friday, April 26, 2024

General line - 0115112241

ලසිත් මාලිංගගෙන් තේරීම් කමිටුවට ඉල්ලීමක්

කසුන් කැළුම්




සංචාරක බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියට එක්වන ශ‍්‍රී ලංකා සංචිතය කී‍්‍රඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර තිබෙනවා. 

බංග්ලාදේශ කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර මෙම තරග සංචාරයේදී එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලියේදී එක් තරගයක් කී‍්‍රඩා කිරීමෙන් පසු ලසිත් මාලිංග එක්දින පිටියෙන් සමුගැනීමට අවශ්‍ය බව තමන් වෙත දැන්වූ බවයි තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ. 

එහෙත් මෙම තරගාවලියේ තරග 3ම ක‍්‍රීඩා කරන ලෙස තමන් ලසිත් මාලිංගගෙන් ඉල්ලීමක් කළ බවද ඔහු සඳහන් කළා. තමන් දැඩි ලෙස වෙහෙසට පත්ව සිටින බවයි ලසිත් මාලිංග මෙහිදී තේරීම් කමිටු සභාපතිවරයාට සඳහන් කර ඇත්තේ. 

ලසිත් මාලිංග මේ වන විට ඕස්ටේ‍්‍රලියාවට ගොස් සිටින අතර, ඔහු යළි 21 වැනිදා දිවයිනට පැමිණිමට නියමිතව තිබෙනවා. ඔහු දිවයිනට පැමිණීමෙන් පසු මේ පිළිබඳ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි තේරිම් කමිටු සභාපති අසන්ත ද මෙල් නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ.

තරග 03කින් සමන්විත බංග්ලාදේශ - ශී‍්‍ර ලංකා එක්දින තරගාවලියේ සියලුම තරග කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී දිවා රාති‍්‍ර තරග ලෙස පැවැත්වීමට නියමිතයි. පළමු එක්දින තරගය ලබන 26 වැනිදාත්, දෙවන එක්දින තරගය 28 වැනිදාත් පැවැත්වෙනවා. අවසන් එක්දින තරගය පැවැත්වෙන්නේ 31 වැනිදායි.