Friday, April 26, 2024

General line - 0115112241

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු කාරක සභාවේ කටයුතු මසකින් අවසන් කිරීමට සැලසුම්

තරංග රුක්ෂාන් ජයසේකර




පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ෂණය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු තවත් මාසයක් තුළ අවසන් කිරීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. එම කාරක සභාවේ සමාජිකයෙකු ද වන ඔහු ප්‍රකාශ කලේ කඩිනමින් ජනතාවට සැබෑ තොරතුරු අනාවරණය කළ යුතු බවයි. 

කාරක සභාව හමුවට බුද්ධි අංශ ප්‍රධානීන් කැදවීම සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියා.

බුද්ධි අංශ ප්‍රධානීන් ඇතුළු ආරක්ෂක අංශයේ ඉහල පෙලේ නිලධාරීන් පිරිසක් ලබන 24වනදා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ෂණය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක හමුවට කැදවීමටයි තීරණය කර ඇත්තේ. කෙසේ වෙතත් එම තීරණයට බොහෝ පාර්ශව විරෝධය පළ කරනවා.