Friday, April 26, 2024

General line - 0115112241

අමෙරිකානු සංචාරයේදීත් වියදමින් කපමින් ඉම්රාන් ඛාන්ගෙන් ආදර්ශයක

ඩිල්ෂාන් මඩවල




අමෙරිකාවේ සංචාරයක නිරත පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නවාතැන් ගැනීම සඳහා වොෂින්ටන් නුවර පිහිටි පකිස්තාන තානාපතිවරයාගේ නිල නිවස තෝරාගෙන තිබෙනවා. රාජ්‍ය නායකයෙකු මෙවැනි විදේශ සංචාරයක නිරත වීමේදී නවාතැන් ගැනීම සඳහා තෝරාගන්නේ තරු පන්තියේ හෝටලයක්. එහෙත් වියදම් සීමා කිරීමේ අදහසින් ඉම්රාන් ඛාන් තරු පන්තියේ හෝටලයක් වෙනුවට නවාතැන් ගැනීම සඳහා වොෂින්ටන් නුවර පිහිටි පකිස්තාන තානාපතිවරයාගේ නිල නිවස තෝරාගෙන තිබෙනවා. 

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මෙම සංචාරය සඳහා අමෙරිකාවට පැමිණියේ ඊයේ දිනයේයි. පකිස්තාන හමුදා ප්‍රධානියා සහ පකිස්තාන අයි එස් අයි ඔත්තු සේවාවේ අධ්‍යක්‍ෂවරයා සංචාරයට එක්ව සිටිනවා. ඔවුන් හෙට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවීමට නියමිතයි. 

දකුණු ආසියානු කලාපයේ සාමය පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමුවනු ඇතැයි විදෙස් වාර්තා පැවසුවා. පකිස්තානයට ලබාදෙන ආරක්ෂක ආධාර අමෙරිකාව විසින් සීමා කර තිබීම පිළිබඳව ද දෙරටේ රාජ්‍ය නායකයින් සාකච්ඡා කරනු ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පැවසුවේ.