Friday, April 26, 2024

General line - 0115112241

වසර 51 කට පෙර අතුරුදහන්වූ "සබ්මැරීනයක්" සොයා ගැනේ

දිනුක් හේවාවිතාරණ




මිට වසර 51 වසරකට පෙර අතුරුදහන් වූ ප්‍රංශ නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් සොයා ගැනීමට විමර්ශන කණඩායමක් සමත්ව ඇති බව එරට ආරක්ෂක අමාත්‍යවරිය නිවේදනය කර සිටිනවා.

1968 වර්ෂයේදී ප්‍රංශයේ දකුණු දිග වෙරළ කලාපයේ ටෝයුලෝන් වරාය ආසන්නයේදී නැවියන් 52 දෙනෙකු සමග අතුරුදහන් වූ "Minerve" නම් මෙම සබ්මැරීනය සොයා මිට පෙර ද සෝදිසි මෙහෙයුමක් දියත් කරනු ලැබුවත් එය සාර්ථක වුයේ නැහැ.

වසර 51ක් පුරා අතුරුදහන්ව තිබු සබ්මැරීනය සොයා ගැනීම “සහනයක් මෙන්ම තාක්‍ෂණික ජයග්‍රහණයක්. නැවියන් 52 දෙනෙකු ගේ පවුල් වල ඥාතීන්ට මෙය සහනයක් වේවි” යැයි ප්‍රංශ ආරක්ෂක ඇමති ෆ්ලෝරන්ස් පාර්ලි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ. 

"Minerve" සබ්මැරීනය අතුරුදහන් වන අවස්ථාවේදී එහි සිටි නැවියන් 52 දෙනාගේ ඥාතීන්ගේ ඉල්ලීම මත ප්‍රංශ රජය විසින් යලිත් වරක් එය සෙවීමේ කටයුතු මෙම වර්ෂයේ මුල් භාගයේදී ආරම්භ කරනු ලැබූ බවත් එය සාර්ථක වීම සතුටට කරුණක් බවයි එරට ආරක්ෂක අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.