Friday, April 26, 2024

General line - 0115112241

බි‍්‍රතාන්‍ය ස්ථිර වශයෙන්ම යුරෝපා සංගමයෙන් වෙන් වන බව තහවුරු කරයි

පවිත්‍රා මදුහර්ෂනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




එළඹෙන ඔක්තෝබර් මස 31 වැනිදා බි‍්‍රතාන්‍ය, ස්ථිර වශයෙන්ම යුරෝපා සංගමයෙන් වෙන් වන බව බි‍්‍රතාන්‍යයේ නව අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් තහවුරු කර තිබෙනවා. කිසිඳු අවිනිශ්චිත ප‍්‍රකාශයකින් තොරව මෙවර බි‍්‍රතාන්‍ය, යුරෝපා සංගමයෙන් වෙන් වීම සිදු වනු ඇති බවයි අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ. 

මේ අතර, අග‍්‍රාමාත්‍ය ජොන්සන් විසින් මේවනවිට සිය නව කැබිනට් මණ්ඩලය ද නම් කර තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ අග‍්‍රාමාත්‍යවරයාගේ සමීපතමයින් කිහිපදෙනෙකුට ද ප‍්‍රබල කැබිනට් ධූර හිමිව ඇති බවයි.

එසේම ඔවුන්, බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්වීම හෙවත්, බ්‍රෙක්සිට් කි‍්‍රයාවලියේදී, බි‍්‍රතාන්‍ය, යුරෝපයෙන් වෙන්විය යුතු බවට දැඩිව ප‍්‍රකාශ කළ කන්සර්වේටිව් පාක්ෂිකයින් වීම ද විශේෂත්වයක්.

අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද ප‍්‍රකටව සිටින්නේ බි‍්‍රතාන්‍ය යුරෝපයෙන් වෙන්වීමේ කි‍්‍රයාවලිය සඳහා දැඩි පක්ෂපාතීත්වයකින් කටයුතු කළ කන්සර්වේටිව් පාක්ෂිකයෙකු ලෙසයි. බි‍්‍රතාන්‍යයේ නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස බොරිස් ජොන්සන් දෙවන එලිසබෙත් රැජින ඉදිරියේ නිල වශයෙන් දිවුරුම් දුන්නේ ඊයේ (24) දිනයේදීයි.