Friday, April 26, 2024

General line - 0115112241

පාද යාත‍්‍රාවට වාහන ගෙනා තිදෙනා රිමාන්ඩ්




ශී‍්‍ර ලංකා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමට අයත් වාහන දෙකක් වරකාපොළ ප‍්‍රදේශයට රැගෙනවිත් පාද යාත‍්‍රාවට සහභාගි කරවූ බවට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් තිදෙනෙකු හෙට (01) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔවුන් අද (31) වරකාපොළ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රාජ්‍ය දේපළ සාපරාධි සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් ඔවුන් ඊයේ (30) අත්අඩංගුවට ගැනුනා.

ඒ අතරට ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමයේ ගුවන් තොටුපොළ ශාඛාවේ සභාපතිවරයාද වනවා.