Friday, April 26, 2024

General line - 0115112241

නවසීලන්ත කණ්ඩායම දිවයිනට

ටී. කේ. ජී කපිල/ කසුන් කැළුම්




ටෙස්ට් තරග 2 කට සහ පන්දුවාර 20 කි‍්‍රකට් තරග 3 කට සහභාගිවීම සදහා නවසීලන්ත කි‍්‍රකට් කණ්ඩායම ඊයේ රාති‍්‍ර දිවයිනට පැමිණියා. විශේෂ ආරක්‍ෂාවක් යටතේ නවසීලන්ත කණ්ඩායම කොළඹ හෝටලයක් වෙත රැගෙන ආ බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ. මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අනුශූරයින් වන නවසීලන්තය ශී‍්‍ර ලංකාවේ තරග සංචාරයක නිරත වන්නේ වසර 6 කට පසුවයි. 

ශී‍්‍ර ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන 14 වනදා ගාල්ල කී‍්‍රඩාංගණයේදී ආරම්භ වනවා. දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන 22 වනදා ආරම්භ වන්නේ කොළඹ පී. සරා  ඕවල් කී‍්‍රඩාංගණයේදීයි. දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ සියළු තරග පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙනවා. පළමු තරගය සැප්තැම්බර් මස පළමු වනදාත් දෙවන තරගය සැප්තැම්බර් මස 3 වනදාත් පැවැත්වීමට නියමිතයි. දෙරට අතර අවසන් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය සැප්තැම්බර් මස 6 වනදා පැවැත්වෙනවා. 

මේ අතර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහගේ සේවය තවදුරටත් ලබා ගැනීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දුගෙන් ඊයේ අවසර ඉල්ලා සිටියා. ඒ, දෙපාර්ශවය අතර පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

එළඹෙන නවසීලන්ත තරගාවලිය අවසන් වන තෙක් චන්දික හතුරුසිංහ ප‍්‍රමුඛ පුහුණු කාර්ය මණ්ඩලයේ සේවය ලබා ගැනීමට අවසර ලබාදෙන ලෙසයි එහිදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව කී‍්‍රඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ. කෙසේවෙතත් කී‍්‍රඩා අමාත්‍යවරයා මීට පෙර කි‍්‍රකට් ආයතනයට දන්වා සිටියේ බංග්ලාදේශ සංචාරයෙන් පසු පුහුණුකාර මණ්ඩලය ඉවත් කරන ලෙසයි.