Friday, April 26, 2024

General line - 0115112241

විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව ලබාදීම ප‍්‍රමාද කිරීමට සිදු වේ

මහේෂ් චතුරංග




පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව ලබාදීම ප‍්‍රමාද කිරීමට සිදුව තිබෙනවා. එහි අවසන් වාර්තාව මේ මස 23 වැනිදා ලබාදීමටයි මීට පෙර තීරණය කර තිබුණේ.

කෙසේවෙතත් අවසන් වාර්තාව සකස් කිරීමට කාලය ප‍්‍රමාණවත් නොමැති බැවින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කාලය තවත් මසකින් දීර්ඝ කර ගැනීමටයි මේ වනවිට තීරණය කර ඇත්තේ.

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි පැවසුවේ ඊට අදාළ යෝජනාවක් ඉදිරියේදී කථානායකවරයා වෙත භාරදීමට නියමිත බවයි. සාක්‍ෂි විමසීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බවද ඔහු ප‍්‍රකාශ කළා.