Friday, April 26, 2024

General line - 0115112241

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහලට

දිනුක් හේවාවිතාරණ




අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරිමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක මිල රු. 2කින් ඉහළ දමා ඇත. නව මිල රු. 138/=ක් වේ. ඔක්ටෙන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක මිල රු. 4කින් ඉහල දමා ඇති අතර නව මිල රු. 163ක් වේ. ඊට අමතරව සුපිරි ඩිසල් ලීටරයක මිල රු. 3 කින් ඉහල දමා ඇත. නව මිල රු. 134ක් වේ.

ඔටෝ ඩිසල් මිලෙහි කිසිදු වෙනසක් සිදුකර නොමැත.