Friday, April 26, 2024

General line - 0115112241

මෙවර ජනපතිවරණයේ දෙවන මනාපයේ වටිනාකම ඉහළ යන ලකුණු

නිශාන් ද සිල්වා




මෙවර ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේදී දෙවන මනාපය කෙරෙහිද අවධානය යොමු කිරීමට සිදුවනු ඇති බව මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානයක් වන පැෆරල් සංවිධානය පවසනවා. මේ, කොළඹ අද (14) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි.

මැතිවරණයකට ඉදිරිපත් වන අපේක්‍ෂකයෙකුට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් වන නීති ඉදිරි මහ මැතිවරණයට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත විය යුතු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී එක් අපේක්‍ෂකයෙකු සිය කොට්ඨාසය ජයග්‍රහණය කිරීම සදහා රුපියල් ලක්‍ෂ 400 ක මුදලක් වැය කර ඇති බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.