Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට හිසරදයක් වූ රොස් ටේලර් පළමු පන්දුවෙන්ම දැවී යයි

තරංග රුක්ෂාන්




සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවන දිනය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ කී‍්‍රඩාංගණයට හොදින් සූර්යාලෝකය පතිත නොවුනද වැසිබර කාලගුණික තත්ත්වයක් නොමැති බවයි.

වර්ෂාව ඇද හැලීම හේතුවෙන් ඊයේ දිනයට නියමිත පන්දුවාර 22 ක් කි‍්‍රයාත්මක කිරීමට හැකි වූයේ නැහැ. දිනය තුළ කි‍්‍රයාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 68 ක් පමණයි.

ඒ වනවිට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්තය කඩුළු 5කට ලකුණු 203 ක් රැස්කර ගෙන සිටියා.

අද දිනයේ පළමු පන්දුවෙන්ම ශී‍්‍ර ලංකාවට හිසරදයක් වී සිටි රොස් ටේලර් ලකුණු 86 කට දවා ගැනීමට සුරංග ලක්මාල් සමත් වුණා. නවසීලන්තය පන්දුවාර 71 ක් අවසානයේදී කඩුළු 6 ක් දැවී ලකුණු 207 ක් රැස්කර ගෙන සිටිනවා.