Friday, April 26, 2024

General line - 0115112241

කුසල් සහ ඇන්ජලෝ අර්ධ ශතක වාර්තා කරයි




සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී අර්ධ ශතක වාර්තා කිරීමට ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් අද (15) සමත් වුණා. තරගයේ දෙවන දිනය නිමා වන විට, පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 227ක්. ඒ, නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු 249ට පිළිතුරු වශයෙන්. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 50 යි. කුසල් මෙන්ඩිස් ලකුණු 53ක් රැස් කළා. 

ශ්‍රී ලංකා පළමු ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 18ක් තුළ බිද වැටීම විශේෂත්වයක්. පන්දු යැවීමේදී අජාස් පටෙල් ලකුණු 76කට කඩුලු 5 ක් බිදහෙලීමට සමත් වුණා. තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.