Friday, April 26, 2024

General line - 0115112241

කලක් තිස්සේ පවත්වාගෙන ගිය කෘතිම රා නිෂ්පාදනාගාරයක් වටලයි

කසුන් කැලුම්




අලුත්ගම සහ මීගම ආශි‍්‍රත ප‍්‍රදේශයක පවත්වාගෙන ගිය කෘතිම රා නිෂ්පාදනාගාරයක් වටලා තිබෙනවා. ඒ, කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයට ලද තොරතුරකට අනුවයි.

එහි තිබී කෘතිම රා ලීටර් 15, 500 ක් සහ බැරල් තොගයක් ඇතුළු තවත් උපකරණ රැසක් සුරාබදු නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

මෙහි වටිනාකම රුපියල් ලක්ෂ 18 කට ආසන්න බවයි කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය පැවසුවේ.

මෙම කෘතිම රා නිෂ්පාදනාගාරය කලක් තිස්සේ පවත්වාගෙන ගිය එකක් බව ද අනාවරණ වී තිබෙනවා. මෙම කෘතිම රා, මත්පැන් නිෂ්පාදනයට ද භාවිත කර ඇති බවටයි දැනට සිදු කර ඇති විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. 

යූරියා, බැරලෝහ, ජංගම දුරකතනවල බැටරි යොදා ගනිමින් කෘතිම රා නිෂ්පාදනය කරන අතර ඒවා මිනිසාගේ සෞඛ්‍යයට දැඩි ලෙස හානි දායක බව සෞඛ්‍ය අංශ අනතුරු අගවා තිබෙනවා. සෞඛ්‍යයට හානිදායක මෙම කෘතීම රා ඇතැමුන් විනාකිරි නිෂ්පාදනයට ද යොදා ගන්නා බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.