Friday, April 26, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට ජනපති අපේක්ෂක ගෝඨාභයත් පළමු වරට එක්වෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් මේවන විට පැවැත්වෙනවා. ඒ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම රැස්වීම සඳහා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂද සහභාගී වී සිටිනවා.

පක්ෂ නායකයින් පැවසුවේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහභාගීවන පළමු අවස්ථාව මෙය බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර හමුවක් ද අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.