Friday, April 26, 2024

General line - 0115112241

දරුවන් දෙදෙනාට වස පොවා පියා ගෙල වැළලාගනී 

දිනුක් හේවාවිතාරණ




උඩප්පුව පොලිස් වසමේ පල්ලිවාසල්මඩුව ප්‍රදේශයේ නිවසක් තුලදී පුද්ගලයෙක් ගෙල වැළලාගෙන මියගොස් ඇති අතර වස පානය කිරීමෙන් පසුව අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ ඔහුගේ දරුවන් දෙදෙනා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගිය බව පොලිසිය පවසනවා. මියගොස් ඇති දරුවන් දෙදෙනා වයස අවුරුදු 09ක් හා 06ක් වන බවයි පොලිසිය පවසන්නේ.

අංක 119 පොලිස් හදිසි දුරකථන ඇමතුම් අංකයට ලද තොරතුරක් මත වහා ක්‍රියාත්මක වූ උඩප්පුව පොලිසියේ නිලධාරීන් අදාළ නිවස කරා ගොස් ඇති අතර එහිදී ගෙල වැළලාගෙන මියගොස් සිටි පුද්ගලයෙකුගේ මෘත ශරීරය සොයා ගෙන තිබෙනවා. 

වස පානය කිරීමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ දරුවන් දෙදෙනා පොලිසිය විසින් වහාම පුත්තලම රෝහලට ඇතුලත් කිරීමට පියවර ගනු ලැබුවත් රෝහලේදී ඔවුන් දෙදෙනා ද මිය ගිය බවයි පොලිසිය සඳහන් කරන්නේ.

පියා විසින් දරුවන් දෙදෙනාට වස පොවා ඔහුද සියදිවි හානිකර ගන්නට ඇති බවට සැකකරන බවයි පොලිසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් උඩප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.